රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය අලුත් වෙයි.

Government Of Sri Lanka
By Wayomi Sep 08, 2022 09:42 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

දිනිත් චින්තක කරුණාරත්න මහතා විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් සම කර්තෘ ධුරය ඇතුළු වගකීම් සහගත තනතුරු රැසක අත්දැකීම් ලබා ඇති මාධ්‍යවේදියෙක්.

මේ අතර ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි ශාන්ත මොනිකා විද්‍යායතනයේ සන්නිවේදනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකු ද වනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW