රජයේ ඉලක්කයක් ගැන අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක්
2023 වර්ෂය ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජය ගෙන ඇති ඉලක්කය ජය ගැනීමට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටිනවා.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික ආහාර සුරක්ෂිතාව වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක තුළ ආරම්භ කර ඇති ආහාර නිෂ්පාදන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නා. ධීවර කර්මාන්තය සුරැකීමෙන් ජාතික ආහාර සුරක්ෂිත භාවයට පිටුවහලක්.
දිස්ත්‍රික්කයන් තුළ කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මත් උවදුරෙන් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මුදවා ගැනීමට සියලු දෙනා කැපවිය යුතුයි.
ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වෙත සියලු දෙනා සහාය දිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මෙම රැස්වීමේදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ බිත්තර කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයා රැකගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මිරිදිය මසුන් නිෂ්පාදනය වැඩි කිරීම මාළු මිල පාලනයට රුකුලක් වන බවයි .
මෙවර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.ඩී. එන් රංජිත් අශෝක , ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ. ජී ධර්මතිලක, ප්‍රභාත් අබේවර්ධන , ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
මාධ්‍ය ඒකකය