හොදම කැප්ෂන් එකට දිනක්ෂි සහ සාරංගගෙන් තෑගි.. කරන්න යන අලුත්ම දේ (PHOTOS)

sri lanka gossip dinakshi Dinakshi and saranga
By Sithumi Dec 18, 2021 04:26 PM GMT
Sithumi

Sithumi

Report

සාරංග දිසාසේකර කියන චරිතය ලංකාවේ මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඕනෙ මාතෘකාවක් නෙවෙයි. ඒ තරමටම ගොඩක් දෙනා අතර කතා බහට ලක්වන චරිතයක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. මේ දවස් වල පමණක් නෙවෙයි කාලයක පටන්ම ඔහු ගැන විටින් විට නොයෙක් පුවත් විස්තර සමාජයේ කතා බහට ලක්වුනා. 

ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ක්‍රියාකාරිත්වයක් දක්වන ඔහු ඔහුගේ අලුත් විස්තර ප්‍රේක්ෂක ජනතාවට ඉදිරිපත් කරන්නටත් පසුබට වෙන්නේ නැහැ. ඉතින් පසුගිය දවසකත් ඔහු ඔහුගේ අපූරු ඡායාරූප කිහිපයක් සමඟින් අපූරු සටහනක් ඉදිරිපත් කරලා තිබෙනවා. 

ඒ තමයි හොඳම කැප්ෂන් එකට මගෙන් තෑග්ගක් විදිහට ඔහු ඔහුගේ මුහුණුපොතේ පරණ ඡායරූප කිහිපයක් ම සඳහන් කරලා තිබුනා. කලා පරපුරකින් පැවත එන සාරංග දිසාසේකර විවාහය සිදු කර ගන්නේද කලා පවුලකින්මයි. ඒ දිනක්ෂි පියසාද් සමඟ.

ඉතින් ඔවුන් දෙපලගේ දියණිය පිළිබඳවත් මේ දවස්වල ගොඩක් අය කතාබහ කරනවා වගේම ගොඩක් දෙනා සුබපැතුම් එකතු කරනවා පුංචි දියණිය වෙනුවෙන්.

එවන් වටපිටාවක් ඇතුලේ පුංචි දියණියගේ සුළු සුළු දේවල් පවා සාරංග සහ දිනක්ෂි සමාජ මාධ්‍ය ජාලාවල ඔවුන් ගැන දැකගන්නට කැමති ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිරන්තරයෙන් ම කරුණු සඳහන් කරන්නටත් අමතක කරන්නේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery