මම පවුලේ එකම කෙල්ල නිසා අඩු පාඩුවක් නැතුව ඇදුම් නම් එදා ඉඳලම තිබුණා-ඩිලූෂි හංසිකා (PHOTOS)

By Sithumi Dec 27, 2022 05:21 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඩිලූෂි හංසිකා කියලා කියන්නේ. 

 ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය කැමතිම විලාසිතා ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.  

ඉතින් ඇය ආසම විෂයක් තමයිලු විලාසිතා කියන්නේ. ඒ වගේම ඇය හිතන විදිහට කය ලස්සනට තියන්න වගේම ඕනෑම කෙනෙකුගේ මනස සතුටින් රඳවා ගන්නත් විලාසිතා කියන විෂයෙන් මනා පිටුවහලක් ලැබෙනවා කියලත් ඇය කියනවා.  

ඒත් එක්කම විළි වසා ගැනීමට නිර්මාණය වුණු ඇඳුම් කියන දේ අද වෙනකොට රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙමින්, වටිනාකම් ගොඩක් එකතු වෙලා ලෝකයේම අවධානය දිනා ගන්න පුළුල් විෂයක් බවට පත් වෙලා තියෙනවා කියලයි ඇය කියන්නේ. 

   ඒ වගේම විලාසිතාවක් කරද්දී අංක එකටම  ඇය හිතන්නේ ඇය අඳින ඇඳුමේ පහසුව ගැන කියලයි ඩිලූෂි නම් කියන්නේ. ඉතින් මොන තරම් වටින ඇඳුමක් වුණත් ඇඳන් ඉන්නේ අපහසුවෙන් නම් එයින් වැඩක් වෙන්නෙ නැහැ කියලත් ඇය කියනවා. අනිත් කාරණය තමයි ඇයගේ ඇඟේ හැඩය.  

ඉතින් ඇය හරිම කැමති ඇයට ගැළපෙන ඇයගේ ඇඟේ හැඩය ලස්සනට පේන විලාසිතා වලටලු. ඉතින් කොයි ඇඳුමත් ඇයගේ ඇඟට ලස්සන වුනත් ගවුම් ඇන්දාමයි, ඔසරිය ඇන්දාමයි කාගෙත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ මුහුණේ පෙනුමයි ශරීරයෙ උසයි එක්ක ඔසරිය ගොඩක්ම ගැළපෙනවා කියලා බ්‍රයිඩ්ල් ෂෝ වලදි පවා ගොඩක් අය ඇයට කියලා තියෙනවාලු. ඒ වගේම ඩිලූෂි කියන්නේ තැනට ගැළපෙන විදියට හරිම ලස්සනට විලාසිතා කරන්න කැමැති කෙනෙක්. ඉතින් ඇය පුරුදු වෙලා තියෙන විදිහට නිවසින් එලියට යන සෑම වෙලාවකම ලස්සනට අඳිනවා කියලත් ඇය කියනවා.  

මොකද ඇය ගොඩනඟා ගත් ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න ඕන කියලා ඇය නිතරම හිතන කෙනෙක් නිසා. ඉතින් සෙරෙප්පු දෙකක් දාලා ඩෙනිමක් ඇඳලා ටී ෂර්ට් එකක් ඇන්දත් ඒකත් හරි පිළිවෙලට කරන්න උත්සාහ කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පවුලේ එකම දියණිය නිසා ඇයට අඩුපාඩුවක් නැතුව ඇඳුම් පැළඳුම් නම් එදා ඉදලම තිබුණා කියලත් ඇය කියනවා. 

 ඉතින් ඇය පුංචි කාලෙ බෝනික්කියක් වගේ ලස්සන නිසා අම්මලා හැමදාම ඇයට ලස්සනට අන්දලා තියෙනවා. ඒ වගේම ඇඳුමෙ පාටට සපත්තු, කොන්ඩ බූල්, කොන්ඩ කටු, වගේම තොප්පි දාලා ලස්සනට ගත්ත පින්තූර අදටත් ඇයගේ ළඟ තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha