නව වසරට දිලිත්ගේ සුබ පැතුම

Report

ජාතියක් ලෙස අපගේ අනාගතය ජය ගැනීමට හැකි වනුයේ අතීතයේදී අපි මුහුණ දුන් සියලු දේ අත්දැකීම් ලෙස ධනාත්මකව උකහා ගැනීමෙන් පමණක් වන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා 2026 නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ තවද එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙවන් අදහසකි.

 "රටක් ලෙස ඉතාමත් අභියෝගාත්මක කාලසීමාවක් පසුකරමින් 2025 වසර නිමා කළ මොහොතේ, ඒ දෙස අපි උපේක්ෂාවෙන් නැවත හැරී බැලිය යුතු බව මාගේ අදහසයි." "අපගේ ආදරණීය ජනතාව 2026 නව වසරට පා තබන්නේ අලුත් බලාපොරොත්තු, සිහින රාශියක් ඔවුන්ගේ සිත් තුළ දරාගෙ‍නයි." "එබැවින් මෙම නව වසර ජාතියේ නව අපේක්ෂාවන් ඉටුකරගන්නා වසරක් බවට අපි පරිවර්තනය කරගත යුතුව ඇත. අපගේ ජනතාව ධෛර්යය සම්පන්නව දෙපයින් නඟා සිටුවිය යුතුව ඇත." "අපි අභියෝග නුහුරු නුපුරුදු ජාතියක් නොවන්නෙමු. මුහුණ දුන් සෑම අභියෝගයක්ම දරාගත්, ජයගත් ජාතියක් වන්නෙමු."

උදාවූ 2026 නව වසරට ජනපතිගෙන් රටටම පණිවුඩයක්

උදාවූ 2026 නව වසරට ජනපතිගෙන් රටටම පණිවුඩයක්

"එළැඹෙන නව වසරේදී අපිට ජාතියක් ලෙස මුහුණ දීමට සිදුවන දේශපාලන, සංස්කෘතික හා සාමාජීය අභියෝග, බාධක හමුවේ වුවද නොසැලී, ධෛර්යය සම්පන්නව, ශක්තිමත්ව මුහුණ දෙන්නට නම් අපි තව තවත් එකමුතුභාවයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය." "එකී අධිෂ්ඨානයෙන් යුතුව ගොඩනගන්නා වූ දේශය තුළ ධනාත්මකව සිතුවිල්ලෙන් යුතුව සතුටින් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය විය යුතුය." "අප විශ්වාස කරන්නා වූ ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නා වූ ද, අපගේ දර්ශනය වන්නාවූ ව්‍යවසායකත්ව මනසින් ලෝකය දෙස බලන විට මේ මාතෘ භූමිය ලොව සමෘද්ධිමත්ම රාජ්‍යයක් බවට පරිවර්තනය කළ හැකි බව විශ්වාසයෙන් ඔබට කිව හැකිය." "එබැවින් ලැබුවා වූ 2026 නව වසර එකී ජාතියේ අපේක්ෂාවන් ඉටුකරගන්නා වර්ෂය බවට පත්වේවායි මා සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි."  

2026 සුබ අලුත් අවුරුද්දක් වේවා !

2026 සුබ අලුත් අවුරුද්දක් වේවා !