මහින්ද කියන්නේ පිළිම හදලා වඳින්න ඕනි කෙනෙක්- නාමල්ට ටික් ටොක් වලින් ජනාධිපති වෙන්න බෑ

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Dilith Jayaweera Sinhala news
By Mithu Aug 21, 2025 04:04 AM GMT
Mithu

Mithu

Report

මහින්ද රාජ­පක්ෂ මහ­තාට තිබූ ගෞර­වය කෙලෙ­සුවේ එම පවුලේ සාමා­ජි­ක­යන් බව සර්ව­ජන බලය පක්ෂයේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර මහතා පැවැ­සීය. නක්කා­වත්ත කොට්ඨා­සයේ සර්ව­ජන සභාව පිහි­ටු­වී­මට පසු­ගිය 18 වැනිදා එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

එම පවුලේ සාමා­ජි­ක­යන් සමඟ ගම­නක් නොමැති බවත් ඔවුන්ට අපේ පස්සෙන් ඒමට පුළු­වන් බවත් හෙතෙම කීවේය. නාමල් රාජ­පක්ෂ මහතා සිතා ඉන්නේ ටික් ටොක්ව­ලින් ජනා­ධි­පති වෙන්න පුළු­වන් බව යැයි පැවසූ හෙතෙම එහෙත් ඇත්තම දේශ­පා­ල­නය තිබෙන්නේ මහ­පො­ළොවේ බව පැවැ­සීය.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා ගැන බලන්න පම­ණක් නොව පිළිම හදා ගෞරව දැක්විය යුතු බව තමන් මුල සිටම පැවැසූ බව ඒ මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දැක්ම ඉදි­රි­යට ගෙන­යා­මට කට­යුතු කරන බව දිලිත් ජය­වීර මහතා කියා සිටි­යේය. මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා බලන්න අපිත් යනවා.මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා බලන්න හැම­දාම යන්න ඕනි. හැබැයි මහින්ද රාජ­පක්ෂ මහ­ත්ම­යාට ඒ තිබුණු ගෞර­වය කෙ‍ෙල­සපු ඒ පවුලේ සාමා­ජි­ක­යන් එක්ක අපිට ගම­නක් නැහැ. ඒ ගොල්ලන්ගේ පස්සෙන් යන ගම­නක් නැහැ. ඒ ගොල්ලන්ට අපේ පස්සෙන් එන්න පුළු­වන්.

මොකද ඇමැ­ති­කම් 05ක් තියා­ගෙන. ජනා­ධි­ප­ති­කම, අග­මැ­ති­ක­මත් පවුලේ තියා­ගෙන, කථා­නා­ය­ක­ක­මත් පවුලේ තියා­ගෙන, මුදල් ඇමැ­ති­ක­මත් පවුලේ තියා­ගෙන, අපේ තරුණ නාමල් රාජ­පක්ෂ මහ­ත්ම­යාට ඇමැ­ති­කම් පහක් තිබුණා. ඇමැ­ති­කම් පහට අම­ත­රව සියලු ඇමැ­ති­කම් අධී­ක්ෂ­ණය කිරීමේ ඇමැ­ති­කම තිබු­ණෙත් එතු­මන්ට. 2009 වෙන­කම් හිටපු මහින්ද රාජ­පක්ෂ මහ­ත්ම­යාට තිබුණා නේ අපේ­ක්ෂා­වක් ඒක ඉෂ්ට වෙනව දකි­න්නට. එම බල­වේ­ගය එකතු කරන්න කියල තමයි අපි කියන්නේ.

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?