පොලිසියට කුණුහරුපෙන් බැන පලාගිය පුතු සහ ලේලිය ගැන මන්ත්‍රී වෙදාරච්චි කියන කතාව - පොලිසියට ඉදිරිපත් කරන දවසත් කියයි..(VIDEO)
By Sewvandhi
දක්ෂිණ අධ්වේගී මාර්ගයේ වීරකැටිය බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට චෝදනා එල්ල වූ , පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේළිය හෙට (06) දින පොලීසියට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා අද (06) ප්‍රකාශ කළේය.
පළාගිය එම යුවළට නවාතැන් දුන් සංචාරක හෝටල් හිමිකරුවෙකු ද ඊයේ (04) වීරකැටිය පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි,
"පොලීසියෙන් ගැහුවා මගේ පුතාට. ගහපු නිසා තමයි කුණුහරුප කිව්වේ. තමන්ගේ ස්වාමියාට ගහනකොට මොන බිරිඳද බලාගෙන ඉන්නේ. සඳුදාට අපි අපේ දරුවෝ දෙන්නා ඉදිරිපත් කරනවා පොලීසියට."
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |