ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් - උපවාසකරුවන් සහ පොලීසිය ගැටේ

Report

පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ සාමාජිකයන් පිරිසක් විසින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ මේ වනවිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.

තමන්ව ගුරු සේවයට අන්තර්ගහනය කරන ලෙස ඉල්ලමින් ඔවුන් මේ විරෝධතාවයේ යෙදී සිටින අතර උපවාසය නතර කරන ලෙස පොලිසිය විසින් දැනුම්දීමත් සමග එම ස්ථානය උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

අද (27) පෙරවරුවේ ඔවුන් "යුක්තියේ මළගම" ලෙසින් පෙට්ටියක් පුළුස්සා දැමූ අතර පොලිසිය ප්‍රකාශ කළේ එය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසය.

වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.

සංගමයේ සාමාජිකයන් සිව් දෙනෙකු උපාසයේ නිරතව සිටින අතර සෙසු පිරිස අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වී සිටියි.

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්