දේශබන්දුට තවත් ලොකු කේස් එකක් ළඟ ළඟ එනවලු...
දින 20ක් පුරා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැගව සිටිමට දේශපාලන හයියක් පැවතිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ යුතු බවයි.
ගෝල්ෆේස් අරගල යෙදී සිටි අරගලකරුවන්ට පැහැදීමට අදාලව දේශබන්දු තෙන්නකෝන් මහතා ආධාර අනුබල දී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
එහිදී ඔහු සෘජුවම සියලු රාජකාරිය පැහැර හැර ඇති බවත් ඔහු විසින් මෙහෙයවන ලද ක්‍රියාවක් හේතුවෙන් ගොල්ෆේස් අරගලයේ විශාල හානියක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තවත් චෝදනා රැසක් තිබෙන බවත් ඔහු කලක් තිස්සේ දේශපාලඥයන් ඉතාමත් ළඟින් ඇසුරු කළ බවත් සඳහන් කළ අමාත්‍යවරයාව පෙන්වාදුන්නේ ගොල්පේස් අරගල සමයේ එය මනාව පිළිබිඹු වු බවයි.