දේශබන්දුට හොර අරක්කු නඩුවක්!
Sri Lanka Police
Deshabandu Tennakoon
Sinhala news
By Dilasha
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර නිවසේ තිබී හමුවූ මත්පැන් තොගය සම්බන්ධයෙන් විශේෂ තක්සේරුවක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවට වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ නිවසේ තිබී හමුවූ විදේශීය මත්පැන් බෝතල් 795ක් සහ වයින් බෝතල් 217ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත් අතර මෙම මත්පැන් තොගය සම්බන්ධව පොලිස් නීති කොට්ඨාසයෙන්ද තක්සේරු වාර්තාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
