“නුගේගොඩ විපක්ෂ විරෝධතාවයෙන් ආණ්ඩුවට බලපෑමක් නැහැ” නියෝජ්‍ය අමාත්‍ය චතුරංග කියයි
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සදහන් කරන්නේ විපක්ෂයේ පක්ෂ රැසක එකමුතුවෙන් ලබන 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් ආණ්ඩුවට කිසිම බලපෑමක් නොමැති බවයි.
ඒ වගේම තව දුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී එම විරෝධතාව පැවැත්වුවද ඉන් ආණ්ඩුවට කිසිදු තර්ජනයක් නොමැති බවයි .
' ඒ අනුව මේ සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සදහන් කළේ මෙවන් අදහසක්
'' මේ සදහා විපක්ෂයම එකතු වුණත් අපි කැමතියි . අපිට ඇත්තටම දේශපාලන හෝ මතවාදී තර්ජනයක් නැහැ. පෞද්ගලිකව එක එක්කෙනාට මඩ ගැහුවට ප්‍රතිපත්තිමය කාරණයක් නැහැ . ප්‍රතිපත්තිමය කාරණයක් ඝට්ටනයට ළක්වෙලා කියන කාරණය තමයි හර්ශද සිල්වා මහත්මයගේ කතාවෙන් තේරුණේ . මොකද අපි වමයි දකුණයි දෙකම අරගෙන හොදටම යන තත්වයක් තමයි තියෙන්නේ ''
[