දිස්ත්‍රික්කයක බස්රථ සේවාවක් නවතියි. - සේවකයන් සේවයෙන් ඉවත් වෙයි.

By Wayomi Feb 03, 2024 09:05 AM GMT
Report

බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් තිබෙනවා.

ඒ, ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන්.

එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත් ව සිටින බවයි වාර්තා වන්නේ.

මාර්ග අංක 99 බදුල්ල - කොළඹ ඒකාබද්ධ සේවය මෙම සමාගමේ බස්රථ විසින් විධිමත්ම සිදුනොකරන බව පවසන ලංගම සේවකයෝ මෙම සමාගමට අයත් බස්රථ මධ්‍යම බස් නැවතුම්පොළේ නතර කිරීමට ද විරෝධය දක්වා තිබෙනවා.

ඔවුන් පවසා සිටින්නේ, එම බස්රථ පෞද්ගලික බස් නැවතුමේ නතර කළ යුතු බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බදුල්ල මගී ප්‍රවාහන සංගමය සඳහන් කරන්නේ,අධිකරණ නියෝගවලට අනුකූලව තම බස්රථ ධාවනය වන බවයි.

නමුත් පෞද්ගලික බස් සේවා සියල්ල බාධාවකින් තොරව ධාවනය වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ලංගම ඩිපෝවල බස්රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව සඳහන්.   

                                                                               Sponsored By Sarrita Jewellery

දිස්ත්‍රික්කයක බස්රථ සේවාවක් නවතියි. - සේවකයන් සේවයෙන් ඉවත් වෙයි. | Depot Bus Workers Out Of Service