ඉහළ තැනකින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙසක්..

Report

දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ගන්නා ලෙස එම කාරක සභාව උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන්, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවිඳින අස්වැසුම ලබන හා නොලබන සියලුම පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරෙන බවයි සභාපතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ.

එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඉදිරි වසර පහ තුළ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන සැලැස්මක් වහාම සකසන ලෙසද එම කමිටුව සමෘද්ධි දෙපාර්තමේන්තුවට නියෝග ලබා දුන් බවයි.

මේ අතර ග්‍රාමීය ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා "සමෘද්ධි ප්ලස් " නමින් වැඩසටහනක් ආරම්භ කළ බව ද රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සඳහන් කළා.

ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි - ඔයත් මේ ප්‍රදේශයේ ද බලන්න. සම්පූර්ණ විස්තරය මෙතනින්..

ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි - ඔයත් මේ ප්‍රදේශයේ ද බලන්න. සම්පූර්ණ විස්තරය මෙතනින්..