ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි - ඔයත් මේ ප්‍රදේශයේ ද බලන්න. සම්පූර්ණ විස්තරය මෙතනින්..

By krishani Sep 25, 2023 11:36 AM GMT
Report

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම බස්නාහිර පළාත තුළ සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 2 දක්වා අත්හිටුවන බව සඳහන් වේ.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (25) සිට ඔක්තෝබර් 6 දක්වා මාර්ගගත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවන බවයි.

මෙලෙස බස්නාහිර පළාත තුළ තාවකාලිකව මෙම කටයුතු නැවත්වීමට පියවර ගනු ලැබුවේ බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බව වාර්තා වන්නේ.

මේ අතර සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ සබරගමුව පළාතේ සියලුම ආදායම් බලපත්‍ර ද මේ මස 27 හා ඔක්තෝම්බර් 02 දිනයන්වල නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි.