මධ්‍යම කඳුකරයේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි- අධික ශීතලත් එක්ක ආ ඝණ මීදුම නිසා හැටන් පාරේ හදිසි තත්ත්වයක්

Report

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අද (13) දිනයේ පවතින ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් හැටන් නගරය සම්පූර්ණයෙන්ම පාහේ මීදුමෙන් වැසී ගොස් ඇති අතර, ප්‍රදේශයේ අධික ශීතල කාලගුණ තත්ත්වයක් ද පවතින බව වාර්තා වේ.

හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගවල ද ඝණ මීදුම් තත්ත්වය පවතින බැවින්, රියදුරන්ට දැඩි අවධානයෙන් රථවාහන ධාවනය කරන ලෙස හැටන් පොලිසිය දැනුම් දී තිබේ.

විශේෂයෙන් මීදුම හේතුවෙන් ඉදිරිපස මාර්ගය පැහැදිලිව නොපෙනීමේ අවදානම පවතින බැවින්, එම මාර්ගවල ගමන් කිරීමේදී රථවාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

රට රකින විදෙස් විරුවන්ගෙන් ලංකාවට තවත් ඩොලර් කෝටි ගණනක්- මහ බැංකු වාර්තාවෙන් හෙළි වූ සතුටුදායක ආරංචිය මෙන්න

රට රකින විදෙස් විරුවන්ගෙන් ලංකාවට තවත් ඩොලර් කෝටි ගණනක්- මහ බැංකු වාර්තාවෙන් හෙළි වූ සතුටුදායක ආරංචිය මෙන්න

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ