රට රකින විදෙස් විරුවන්ගෙන් ලංකාවට තවත් ඩොලර් කෝටි ගණනක්- මහ බැංකු වාර්තාවෙන් හෙළි වූ සතුටුදායක ආරංචිය මෙන්න

Report

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර තිබේ.

  මහ බැංකු වාර්තාවක සඳහන් වනුයේ එය පසුගිය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවය. පසුගිය 2025 අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී තිබුණි.

මේ අතර ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන්ය

මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වෙන්නේ එයද පසුගිය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වර්ධනයක් වන අතර පසුගිය 2025 කාලයේ මුල් මාස 8 සඳහා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් බවයි .

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ