ඩෙංගු යළි හිස ඔසවන ලකුණු
By Dilasha
දිස්ත්‍රික්ක 8 ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද (27) සිට දින 3ක් ක්‍රියාත්මක කිරීමට ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබේ.
පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බැවින් මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින බවත් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.
නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරීක්ෂාවට ලක්කරන අතර සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.