දිවයින පුරා අදින් ආරම්භ වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ආරක්ෂක අංශත් කැඳවයි..
අද (07) සිට ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ මුළු දිවයිනම ආවරණය වන පරිදි ය.
ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව ආරක්ෂක අංශවල සහය ද යොදාගනු ඇත.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
ඒ ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමටයි.
ඒ අනුව, 011- 7 966 366 ක්ෂණික දුරකථන අංකයට ඕනෑම දිනයක පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිය.
වැඩිදුර තොරතුරු පහතින්,
Sponsored By Sarrita Jewellery
