රත්නපුරෙන් ඇහෙන භයානක ලෙඩේ මාස 4ට ලෙඩ්ඩු 1500ක්

Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka National Health Service Sinhala news
By Mithu Apr 28, 2025 08:42 AM GMT
Mithu

Mithu

Report

මෙම වසරේ මේ දක්වා ගතවූ මාස 4ක (2025 ජනවාරි 01 සිට ඊයේ 27දා දක්වා) කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්ය කපිල කන්නංගර මහතා ‘’  පැවැසීය.

සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

සංගීත් දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

ඉතා කෙටි කාලයක් තුළ ඩෙංගු රෝගීන් ඉහළ යෑමට හේතුව හඳුනාගෙන ඇති අතර, ඊඩිස් ඊජිප්තයි’ නමැති ඩෙංගු මදුරු විශේෂය ඉතා සැර ඩෙංගු මදුරු විශේෂයක් වීම ඊට හේතුව බව පැවැසේ. ඩෙංගු මදුරු කීට විiාඥයන්ගේ පර්යේෂණ අනුව සාමාන්‍ය ඩෙංගු මදුරුවකු තිදනකුට දෂ්ට කිරීමෙන් ඩෙංගු රෝගීන් බවට පත් කළ හැකි වුව ද, මෙම මදුරු විශේෂය පුද්ගලයන් 7-8 දෙනකුට දෂ්ට කර ඩෙංගු රෝගීන් බවට පත් කළ හැක.

ඩෙංගු රෝගීන් ඉහළ යෑමට මෙම ඩෙංගු මදුරු විශේෂය බෙහෙවින් බලපා ඇතැයි ද සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කියයි. ගතවූ දින 10 තුළ රත්නපුර රෝහල හා ඒ අවට ප්‍රදේශයෙන් හමුවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 ඉක්මවා ඇති බව ද ඒ මහතා පැවැසීය.

රෝහල් කාර්ය මණ්ඩලයේ 170 දෙනකුට වැඩි පිරිසකට ද ඩෙංගු වැළඳී ඇත. රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් පිරිස ඉහළ ගොස් එහි ධාරිතාව ද ඉක්මවා ඇති නිසා හඳුනාගත් ඩෙංගු රෝගීන්ට නිවසේ සිට විවේකය ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇතැයි ද හෙතෙම කීය.

රත්නපුර රෝහල් කාර්ය මණ්ඩලයට අමතරව ළය චිකිත්සාගාරයේ සහ ප්‍රාදේශීය බෙහෙත් ශාලාවේ ද සේවකයන් කීපදෙනකුම ඩෙංගු රෝගයට ගොදුරුවී තිබේ. පවතින තත්ත්වය මැඬපැවැත්වීම සඳහා රත්නපුර රෝහල් පරිශ්‍රය, බන්ධනාගාර රැඳවියන් යොදවා සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ද මීට අමතරව යුද හමුදාවේ 100 දෙනකුගේ සහාය මේ සඳහා යොදා ගන්නා බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය. 

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ReeCha