ගමක්ම හඬා වැටෙයි - 12 හැවිරිදි පාසල් සිසුවෙකුට අත් වූ භයානක ඉරණම - මෘත දේහය සොයා ගනියි
ගල්කිරියාගම පොලිස් බල ප්රදේශයට අයත් මානේරුව, වම්බටුවැව ප්රදේශයේදී කිඹුලෙකුගේ ප්රහාරයකට ලක්වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් ඇත.
ඒ අනුව එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මානේරුව, වම්බටුවැව ප්රදේශයේ පදිංචිව සිටි මානේරුව මහා විද්යාලයේ අටවන ශ්රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. එම්. සදෙව් දම්සිරි වර්ණසූරිය නමැති සිසුවායි.
සිසුවා ඊයේ (23) පාසල නිමවී නිවසට පැමිණ, වැඩිහිටි කාන්තාවක සමඟ වම්බටුවැවට දිය නෑමට ගොස් ඇති අතර එහිදී ජලයෙන් වැසී තිබූ නාන තොටුපළේ පඩිපෙළ මත වාඩි වී සිටියදී වැවේ සැඟවී සිටි කිඹුලෙකු සිසුවා ඩැහැගෙන ගොස් ඇති බව පවසයි.
මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි
එමෙන්ම මෙම සිද්ධිය සැලවීමත් සමඟ ප්රදේශවාසීන් එක්ව ඊයේ සවස සිට අද උදෑසන දක්වාම සිසුවා සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.
කෙසේ වෙතත් වැවේ ජලය අධික ලෙස පිරී තිබීම නිසා සෝදිසි මෙහෙයුමට බාධා එල්ල වී තිබෙන අතර, පසුව ඊයේ රාත්රියේ බැකෝ යන්ත්රයක ආධාරයෙන් වැවේ වාන් කපා ජලය බැස යාමට සලස්වා ඇත.
එම මෙහෙයුමේදී අද (24) දින උදෑසන සිසුවාගේ මෘත දේහය වැව තුළ තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.