මන්නාරම කැළඹූ මාරක අනතුර - යුද හමුදා රථයක් ගැටී සෙබළෙක් ජීවිතක්ෂයට තවත් 11කට තුවාල
By Kaushi
මන්නාරම - තලෙයිමන්නාරම ප්රධාන මාර්ගයේ කිළියන්කුඩියිරුප්පු ප්රදේශයේ අද (24) දින පස්වරුවේ යුද හමුදා රථයක් අනතුරට ලක්වී ඇත. එම අනතුරෙන් සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.
එසේම ඔවුන් පේසාලෛ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මන්නාරම දිස්ත්රික් රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්ය අංශයෙන් දැනුම්දීමක්
මෙම අනතුර තලෙයිමන්නාරමේ සිට මන්නාරම දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් පාලනයෙන් මිදී මාර්ගය අසල තිබූ තල් ගසක ගැටීමෙන් සිදුව ඇති බව සඳහන්.
එමෙන්ම අනතුරින් ඩිෆෙන්ඩර් රථයට දැඩි හානි සිදුව ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.