පැයකට පෙර නිකුත් කළ නිවේදනයක් - අද සවස 4.00 සිට හෙට 4.00 සවස දක්වා බලාත්මකයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවලට අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන බව සඳහන් කරයි.
එම අනතුරු ඇඟවීම අද (24) පස්වරු 04.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා බලාත්මක බව සඳහන්.
එසේම කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක සහ යටියන්තොට යන ප්රාදේශීය කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.
ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්ය අංශයෙන් දැනුම්දීමක්
ඊට අමතරව නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්රාදේශීය කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්රාදේශීය කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.