අපිට ලොකු ප්රශ්නයක් වෙන්නේ නෑ.. ඉරාන ජාතිකයින් පිරිසක් ගාල්ල වරායට පැමිණීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
සෞඛ්ය නියෝජ්ය අමාත්ය හංසක විජේමුණි මහතා අද (24) දින ඉරාන නෞකාවක සිටි පිරිසක් ගාල්ල වරායට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
එහිදී අදහස් දක්වමින් අමාත්යවරයා කියා ඇත්තේ යම් පිරිසක් මුහුදු මාර්ගයෙන් පැමිණීමේදී රජය අනුගමනය කරන ජාත්යන්තර සම්මුතීන් සහ ජාත්යන්තර නීතින් පවතින බවත් ඊට අනුගතව කටයුතු කර තිබෙන බවත් ය.
එසේම එහිදී ඔහු දන්වා ඇත්තේ ජාත්යන්තර සම්මුතීන්, ජාත්යන්තර නීතින් මෙන්ම ජාත්යන්තර සරණාගතයින් සම්බන්ධව සම්මුතීන් සහ නීති පවතින බවත් එම නීති සහ සම්මුතිවලට අනුගත වෙමින් අවශ්ය පියවර ගෙන ඇති බවත් ය.
ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්ය අංශයෙන් දැනුම්දීමක්
අඳාළ සම්මුතින්ට අනුගත වෙමින් කටයුතු කර ඇති බැවින් කිසිදු රටකට ගැටලුවක් ඇති නොවන බවත් සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා මේ දක්වා කටයුතු කර ඇත්තේ අදාළ සම්මුතීන් සහ නීතින්ට අනුගත වෙමින් බවද වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.
"ලංකාවට නැවක් හෝ මුහුදු මාර්ගයෙන් යම් කිසි පිරිසක් එනකොට අපි අනුගමනය කරන ජාත්යන්තර සම්මුතීන් සහ ජාත්යන්තර නීතින් තියෙනවා. ඒ වගේම ජාත්යන්තර සරණාගතයන් සම්බන්ධව සම්මුතීන් තියෙනවා මේ සම්මුතීන් සහ නීතින් අනුව තමයි අපි වැඩ කරන්නේ. ඒ නිසා එන අය මොන රටට අයත්ද, ඒ අයගේ ජාතිය මොකක්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නෑ අපි අන්තර්ජාතික සම්මුතීන් අනුව වැඩ කරගෙන යනවා ඒ නිසා අපිට ලොකු ප්රශ්නයක් වෙන්නේ නෑ. කිසිම රටකට ඒක ප්රශ්නයක් වෙන්නෙත් නෑ. මේ දක්වා අපි වැඩ කරලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතීන් අනුව"