වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
By Aylin Zoya
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තම පාලනය යටතේ ඇති ප්‍රධාන ජලාශ 73 තුළ දැනට ගබඩා කළ හැකි සමස්ත ජල ධාරිතාවෙන් සියයට 63ක ප්‍රමාණයක් රැස්වී ඇති බවයි.
ඒ අනුව, ඉදිරි යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිස්ත්‍රික්ක අනුව ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පහත පරිදි වාර්තා වී ඇත.
අම්පාර – 41% අනුරාධපුර – 81% බදුල්ල – 74% මාතලේ – 49% ගාල්ල – 72% මහනුවර – 93% කුරුණෑගල – 86% මොනරාගල – 76% පොළොන්නරුව – 71% පුත්තලම – 93% ත්‍රිකුණාමලය – 68% මන්නාරම – 76%
කෙසේවෙතත්, ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සහ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.