කිවියන් පරදා ඉන්දියාවට තවත් සුපිරි ජයක් - තිලක් සහ නිතිෂ් පිත්තෙන් වැඩ පෙන්වයි
නවසීලන්තය ලබාදුන් ලකුණු 181ක ඉලක්කය හඹා යෑමේදී අසීරු තත්ත්වයකට මුහුණ දුන් ඉන්දීය කණ්ඩායම, තිලක් වර්මා සහ නිතිෂ් කුමාර් රෙඩ්ඩිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච්හි පැවැති දෙවැනි විස්සයි20 තරගය ජයගත් ඉන්දියාව, තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තරග 2–0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. එහිදී ග්ලෙන් ෆිලිප්ස් පන්දු 43කින් ලකුණු 70ක් ලබාගත් අතර, බෙවන් ජේකබ්ස් ලකුණු 58ක් රැස් කළා.
''ජනිත්ගේ හයේ පහර මවීත පුදුම වෙලා නිවේදිකාව පුටුවෙන් නැගිටි'' - ශ්රී ලංකාවේ දස්කම් දැක බීබීසී විස්තර විචාරකයෝත් අන්දමන්ද වෙති
ඒ අනුව ජයග්රහණය සඳහා ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට ආරම්භයේ සිටම පහසු ගමනක් හිමි වූයේ නැහැ. සංජු සැම්සන් ලකුණු 14කට දැවී ගිය අතර, අංක තුන පිතිකරු ලෙස ක්රීඩා කළ යොවුන් ක්රීඩක වෛභව් සූර්යවංශිට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි.
කඩුලු කිහිපයක් අහිමි වීමත් සමඟ තරගයේ වාසිය නවසීලන්තය දෙසට හැරී තිබුණද, තිලක් වර්මා සහ නිතිෂ් කුමාර් රෙඩ්ඩි එම තත්ත්වය වෙනස් කළේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමිනුයි.
තිලක් වර්මා පන්දු 26කින් ලකුණු 51ක් රැස් කළ අතර, නිතිෂ් කුමාර් රෙඩ්ඩි පන්දු 13කින් නොදැවී ලකුණු 26ක් ලබාගත්තා.
ඔවුන් දෙදෙනාගේ ප්රහාරාත්මක පිතිහරඹය හමුවේ ඉන්දියාව පන්දුවාර 19.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබාගනිමින් තරගය ජයගත්තා.