පහත් බිම්වල ඉන්න අයට හදිසි අවධානයක් - දැදුරුඔය, රාජාංගනය, අඹේවෙල ඇතුළු ජලාශ 23ක වතුර මට්ටම ඉහළට
By Kanchana
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්රධාන ජලාශ 14ක් සහ මධ්යම පරිමාණ ජලාශ 9ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ අනුව දැදුරඔය, රාජාංගනය, අලිකොටආර, අඹකොලවැව, අතරගල්ල සහ අඹේවෙල යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත දැදුරුඔය ජලාශයේ අඩි දෙක බැගින් වාන්දොරටු දෙකක් ද අඩිය බැගින් වාන්දොරටු හතරක් ද විවෘත කර ඇති බව සඳහන් වේ.
ඒ වගේම රාජාංගනය ජලාශයේ අඩි තුන බැගින් වාන්දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබයි.
තව ද තුරුවිල වැව, අංගමුව, වෙනුරොව වැව යන මධ්යම පරිමාණයේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.