තවත් දරුණු බස් අනතුරක් - පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
By Kaushi
අනුරාධපුර නගරයේදී අද (24) දින පස්වරුවේ සිදු වූ දරුණු රිය අනතුරකින් 10 හැවිරිදි පාසල් ශිෂ්යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මව සහ දියණිය ගමන් කරමින් තිබූ යතුරුපැදිය, අනුරාධපුර සිට තුරුවිල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් බව සඳහන්.
එසේම අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, රෝහල්ගත කිරීමෙන් පසු දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි
ඒ අනුව මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, විජයපුර ප්රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි පාසල් සිසුවියක්.
මේ අතර සිද්ධියට සම්බන්ධ ලංගම බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ රථවාහන අංශය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරයි.