මේ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් CID සහ බුද්ධි අංශ එක්ව පුළුල් විමර්ශනයක් - විශේෂ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක වැඩපිළිවෙළක්

Report

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් සහ ආගමික ප්‍රජාවන් අතර නොසන්සුන්තාවන් හා ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන විවිධ තරාතිරම්වල පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අනවාරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව අමාත්‍යවරයා මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව පෙන්වා දී ඇත.

එසේම ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්‍යාප්ත කරන ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් මෙරටින් බැහැරව විදේශයන්හි සිට මෙහෙයවනු ලබන බවත් පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එවැනි ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරගැනීමට එම රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් විශේෂ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක වැඩපිළිවෙළක් දැනටමත් අරඹා ඇති බව ද ඔහු සඳහන් කර ඇති බව පවසයි.

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මෙසේ වෛරී ප්‍රකාශ පතුරුවන ඇතැම් පුද්ගලයන් ඇතැම් දේශපාලනඥයන්ගේ සෘජු උසිගැන්වීම් සහ අනුග්‍රහය මත මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වන බවට පොලිසිය විසින් තොරතුරු හෙළි කරගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන් බව සඳහන්.

තවද ඔහු සිහිපත් කර ඇත්තේ ඉකුත් වසර දහයක කාලසීමාව තුළ වෛරී ප්‍රකාශ පැතිරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි 6ක් ලැබී ඒ පිළිබඳ විමර්ශන පවත්වා ඇති බවයි.

තවද අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට තුළ සමාජ මාධ්‍ය පරිශීලනය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් කණ්ඩායම් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් ඇවිලවීමට සංවිධානාත්මකව මෙවැනි ව්‍යාජ ගිණුම් සකස් කරමින් සිටින බවයි.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

එසේම මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීමේදී නිල පැමිණිලි නොලැබීම, විදේශ රටවල සිට ක්‍රියාත්මක වීම සහ පවතින නීතිමය රාමුවේ සීමාවන් වැනි ප්‍රායෝගික බාධා රැසකට මුහුණ දීමට විමර්ශන නිලධාරීන්ට සිදුව ඇති බව ද ඔහු කියා ඇත.

කෙසේ වුවද කුමන බාධා පැවතිය ද අදාළ ව්‍යාජ ගිණුම් සහ පිටු පිටුපස සිටින සැබෑ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය අඛණ්ඩව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළ බව සඳහන්.  

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -