ඩෙල්ටා වේගයෙන් පැතිරෙමින් පවති මාසයකින් පාලනය ගිලිහෙයි - වෛද්‍ය සංගමය

sri lanka Sri lanka covid 19
By Sithumi Jul 05, 2021 10:46 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ දිනවල පැතිරෙමින් පවතින එම ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැක ගත හැකි වනු ඇති බවයි.

දැනට කොරෝනා මරණ අඩුවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරන සිමා නිසා බවද පවසන ඇය මේ අවස්ථාවේ දී රට තුළ එන්නත්කරණය ඉතා වේගවත් කළ යුතු බවද අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දක්නට ලැබෙනු ඇතැයි ද පැවසූ ඇය එවිට රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නැති වනු ඇති බවද ඇති බවද කියා සිටියාය. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.