නොසැලකිල්ල ජීවිත දෙකක් අහිමි කරයි - බිහිසුණු අනතුර

By Sewvandhi Oct 16, 2021 07:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයක් තවත් වාහන 4ක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අදාළ මෝටර් රථය, අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති පාලමක් අසල තිබූ බැරලයක ගැටීමෙන් පසුව ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථ දෙකක, යතුරුපැදියක සහ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එහිදී එක් ත්‍රීරෝද රථ රථයක රියදුරු සහ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත. මියගොස් ඇත්තේ හෝමාගම සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිව සිටි 31 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

අදාල මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කළේය.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.



ReeCha