පාසල් නිවාඩුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පිරී ඉතිරෙයි - දෙස් විදෙස් සංචාරකයන්ද වැල නොකැඩී එයි
පාසල් නිවාඩු සමයේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට වාර්තාගත පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. සත්වෝද්‍යානය නැරඹීම සඳහා තවදුරටත් විශාල වශයෙන් පිරිස් පැමිණෙමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පවසන්නේ සාමාන්‍ය දිනයකට වඩා 4 ගුණයක් පිරිස මේ දිනවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන බවයි. සත්ව හුවමාරු වැඩසටහන යටතේ ඉදිරියේදී දුර්ලභ සතුන් කිහිප දෙනෙකුම දෙහිවල සත්වෝද්‍යානයට ලැබීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන ද මේ දිනවල දෙස්විදෙස් සංචාරකයින්ගෙන් පිරී පවතින බව මාධ්‍ය වාර්තා කරයි.