පාසල්වල 10- 11 ශ්‍රේණිවල සිසුවියන් ගැන ගත්ත තීරණය

Report

 දිවයින පුරා පාසල් වල තැලසීමියා රෝග වාහකයන් සිටීද යන්න සොයා බැලීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ සඳහා පාසල්වල දහවැනි ශ්‍රේණියේ සහ එකොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැණු ළමයින් යොදා ගනු ඇති.

එම දරුවන් හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී කාඩ්පත් තුනක් නිකුත් කිරීම සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්ධි සමරකෝන් පවසනවා.

කොළ පැහැති කාඩ් පතක් නම් ඇය රෝග වාහකයෙකු නොවන බවත්, කහ පැහැති කාඩ් පතක් නම් ඇයට රෝග වාහක තත්ත්වය ඇති විය හැකි බවද රෝස පැහැති කාඩ් පතක් නම් ඇය රෝග වාහකයෙකු බවද වෛද්‍යවරිය පැවසුවා.

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක් වෙයි.

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක් වෙයි.

එවැනි දරුවන් සඳහා අවධානය යොමුකරමින් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරන බවද ඇය සඳහන් කළා.

මේ සඳහා රෝහල් පද්ධතිය විශාල මුදලක් වැය කරනා අතර ප්‍රධාන වශයෙන් රුධිර පාරවිලයන කටයුතු සහ රුධිරයෙන් යකඩ ඉවත් කිරීම සිදුකරන බවද විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් පැවසුවාය.

මෙරට ළමුන් 2500 ක පමණ ප්‍රධාන තැලසීමියා රෝගයෙන් පොළෙන අතර පුද්ගලයන් ලක්ෂ පහක පමණ පිරිසක් රෝගවාහකයන් ලෙසද හඳුනාගෙන ඇත.

වර්ෂයකට තැලසීමියා දරු උපත් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් මෙරට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

කෑලි එකතු කරලා සභා පිහිටුවීම සදාචාර නෑ - ටිලිවින් කියයි

කෑලි එකතු කරලා සභා පිහිටුවීම සදාචාර නෑ - ටිලිවින් කියයි