බස් ගාස්තු ගැන ගත් අලුත්ම තීරණය මෙන්න..
බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ඩීසල් මිල වැඩි කළ ද බස් ගාස්තු වැඩි නොකරන බවයි.
මේ අතර ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ ය.
බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේ දී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත්, බස් ගාස්තු ඉහළ දැමීමට කිසිවෙක් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
Sponsored By Sarrita Jewellery