විරෝධතා හමුවේ බංග්ලාදේශ් අගමැතිනිය ගත් හදිසි තීරණය..

By Sewvandhi Jul 20, 2024 03:26 PM GMT
Report

බංග්ලාදේශය තුළ දැනට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, එරට අග්‍රාමාත්‍ය ෂේයික් හසීනා හෙට සිට සිදු කිරිමට නියමිතව තිබූ නිල විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ස්පාඤ්ඤයේ සහ බ්‍රසීලයේ ඇය සිදු කිරිමට සැළසුම් කළ නිල විදෙස් සංචාර මෙලෙස අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දුන්නේ.

පවතින කලහකාරී වාතාවරණය හමුවේ බංග්ලාදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස එක්සත් රාජධානිය සිය වැසියන්ට දැනුම් දී ඇතැයි ද සඳහන්.

එසේම මේ වන විට සිසුන් 4,000ක් පමණ බංග්ලාදේශය තුල සිටින අතර ඔවුන්ගෙන් 778 දෙනෙකු නිරුපද්‍රිතව යලි ගෙන්වා ගැනිමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

එසේම බංග්ලාදේශයේ රැදී සිටින කරන ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, රැකියා කෝටා සැළසුමට එරෙහි සිසු විරෝධතා ඉහළ යාමත් සමග බංග්ලාදේශය පුරා ඇදිරිනීතිය පැනවීමට හා හමුදාව යෙදීමට එරට රජය පියවර ගත්තා.

පොලිසිය හා සරසවි සිසුන් අතර ඇතිවූ ගැටුම් වලින් මිය ගිය සංඛ්‍යාව 105 ක්.(උපුටාගැනීමක්)