දෙසැම්බර් වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්

Report

දෙසැම්බර් මාසය සඳහා තැපැල් කාර්යාල හරහා තවමත් ලබා නොගත් වැඩිහිටි දීමනාව, හෙට (31) දින දහවල් 12.00ට පෙර අදාළ තැපැල් කාර්යාලවලින් ලබා ගන්නා ලෙස තැපැල්පති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මෙම කාල සීමාව තුළ දීමනාව ලබා නොගත් අයට ඊළඟ අවස්ථාව ලැබෙන්නේ 2026 ජනවාරි 05 වැනිදායින් පසුව බවත් තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

එබැවින් අදාළ වැඩිහිටියන්ට හෙට දහවල් 12ට පෙර තම දීමනාව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බව දැනගන්නට තිබේ.