ජංගම දුරකථනයක් නිසා තරුණයෙකු කරගත් ඇඟ හිරිවැටෙන දේ - දෙමාපියන්ට දොස් කියලා ලිවුමකුත් ලියලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Sep 26, 2023 04:14 PM GMT
krishani

krishani

Report

17 හැවිරිදි තරුණයෙකු මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම රෝහලේ ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන තිබෙනවා.

මෙලෙස එම ගොඩනැගිල්ලෙන් අද (26) අලුයම බිමට පැන අදාළ තරුණයා සියදිවි හානිකර ගෙන ඇත්තේ.

ඔහු පන්නිල - කැටකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

තරුණයාව දින දෙකකට පෙර තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇත්තේ විෂාද තත්වයක් හේතුවෙන් ය.

ඔහු ජංගම දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි ව සිටි අයෙක් ය.

ඒ හේතුවෙන් දෙමාපියන් සීමාවන් පැනවීමත් සමඟ අවස්ථා කිහිපයකදීම තම සිරුරට අනතුරු සිදුකරගෙන ද ඇති බව වාර්තා වේ.

ඔහු විසින් සියදිවි හානි කරගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ට දොස් පවරා ලියූ ලිපියක් ද හමු වී ඇත. 

මරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත තුන්දෙනෙකුගේ කණ්ඩායමක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව වාර්තා වේ.

ReeCha