කාන්තාවන් පිරිසක් මතට ගහක් කඩන් වැටිලා - නොහිතපු වෙලාවක එකවරම වුණ අනතුර..

Report

මාර ගසක් කඩා වැටී වතු සේවක කාන්තාවක් මරණයට පත් වුණ පුවතක් පිළිබඳව තොරතුරු රත්නපුර, කහවත්ත ඕපාත නොම්බර 03 වතුයායෙන් වාර්තා වේ.

කාන්තාවන් පිරිසක් මතට ගහක් කඩන් වැටිලා - නොහිතපු වෙලාවක එකවරම වුණ අනතුර.. | Death Women At Rathnapura

එම අනතුරෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළු කර තිබෙනවා.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවු ඵක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළු කර ඇති බවට වාර්තා වේ.

මේ අතර, ඊයේ (27) මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ බව මීරිගම පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීරිගම , විල්වත්ත බෝගහහේන පාර, පදිංචි ව සිටි ක්‍රීඩා අමාත්‍යාංය‍ෙ කාර්යාල සහයකයෙකු ලෙස සේවය කළ චන්දිම ලක්මාල් පෙරේරා නැමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් ය.

මියගිය තරුණයා (26) වෙනිදා දහවල් දානමය පින්කමකට සහභාගි වී ඇති බව වාර්තා වීය.

රුසියාව පෙන්නපු 03කට පොලීසිය කූඩුව පෙන්නලා..

රුසියාව පෙන්නපු 03කට පොලීසිය කූඩුව පෙන්නලා..


අනතුරුව පස්වරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බව ඔහුගේ පියා පැවසූ බව පොලිසිය කියා සිටියේ ය.

මියගිය අය කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් පමණක් ඇඳ සිට ඇති අතර රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලිසිය පැවසීය.

කෙසේ වෙතත්, මියගිය තරුණයාගේ මළ සිරුර හමු වී තිබුණේ ඔහු පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් වේ.