බංග්ලාදේශ විරෝධතා හමුවේ මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට...

By Parami Dissanayake Jul 20, 2024 01:36 PM GMT
Report

බංග්ලාදේශයේ විරෝධතා සහ ඇඳිරි නීතිය මධ්‍යයේ ශිෂ්‍ය පෙලපාලිකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 115 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින කිහිපයක මාරාන්තික ශිෂ්‍ය විරෝධතාවලින් පසුව රජය රටපුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බංග්ලාදේශ හමුදා සෙබළුන් එරට නගරවල මුර සංචාරයේ යොදවා ඇති බව සඳහන් ය.

මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර, විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීමෙන් පසු හමුදා යෙදවීමට අගමැති Sheikh Hasina පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ය.