මනුෂ්‍ය ඝාතනයකට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට

By Zara Feb 28, 2025 12:56 PM GMT
Report

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු නලාතුඔය ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

තලාතුඔය, උඩුදෙණිය ප්‍රදේශයේ නිවසක් බිඳ අවුරුදු 70ක කාන්තාවගේ හුස්ම හිරකර ඝාතනය කර එම නිවසේ තිබූ දේපොළ හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

සැකකරුවන් අවුරුදු 34, 36 හා 41 යන වයස් වල පසුවන මඩවල, අකුරණ ප්‍රදේශ වල පදිංචිකරුවන් බව විමර්ශන වලදී හෙළ වී ඇත.

සැකකරුවන්ගේ සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොල්ලකන රන් භාණ්ඩවලින් කොටසක් උකුවෙල රන් භාණ්ඩ මිළදී ගන්නා ස්ථානයකට අලෙවි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නලාතුඹය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පතොරම් ගැබක් සමඟ යතුරුපැදි අංක තහඩු 2ක් කිරිඉබ්බන්වැවෙන් හමුවෙයි

පතොරම් ගැබක් සමඟ යතුරුපැදි අංක තහඩු 2ක් කිරිඉබ්බන්වැවෙන් හමුවෙයි

ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න

ඒකත් නැති කර ගත්තු පියුමි හංසමාලි ප්‍රගීත් ගැන කී සැර කතාව මෙන්න