"රුපියල් 100ක් ඉල්ලුවාම දුන්නේ නෑලු.." - මැලේසියාවේ රට රැකියාවට ගොස් තට්ටු ගොඩනැගිල්ලකින් වැටුණු නිලන්තිගේ හදවත් කම්පා කරන කතාව.. (VIDEO)
පසුගියදා සිංගප්පූරුවේ දී කාන්තාවක් ඉහළ මහලයකින් පැන මියගොස් දින කිහිපයක් යන්නට මත්තෙන් තවත් එවැනිම සිද්ධියක් මැලේසියාවෙන් වාර්තා විය.
ඒ කොබෙයිගනේ පදිංචි නිලන්ති බණ්ඩාර නමැති 44 හැවිරිදි එක්දරු මවක් ය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ජා-ඇල ප්රදේශයේ විදේශ රැකියා ආයතනයක් හරහා ඇය මැලේසියාවට යන්නේ සංචාරක වීසා හරහා ය.
එහිදී ගෘහ සේවිකාවක් ලෙස නිවසක සේවයට යන ඇය විවිධ තාඩන පීඩනවලට ලක් වී තිබෙනවා.
කෙසේවෙතත් මැලේසියාවේ සිටින ඇයගේ මිතුරියකගෙන් පසුගිය 23 වන දා ඥාතීන්ට අසන්නට ලැබුණේ නිලන්ති තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත් වී ඇති බවයි.
විඩියෝ අයිතිය - Hiru News
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |