පාසල් ප්‍රේමය නිසා ජීවිතයෙන් සමුගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ දුක්බර කතාව...

Sri Lanka Death
By Sithumi Oct 15, 2023 03:07 AM GMT
Sithumi

Sithumi

Report

ජීවිතයේ ලස්සනම කාලේ දේවල් ගැන තේරෙන්නේ  නැති වයසක තමයි ඔහු පසු වෙන්නේ.

ඉතින් අවුරුදු 17කට ප්‍රේම සම්බන්ධයක් නිසා ජීවිතය හැර දා ගිය කෙනෙක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.

ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්.   

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් නිසා ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු වයස 17ක යසස් ආදිත්‍ය විතාන නම් සිසුවෙක් වන බවයි මතුගම පොලීසිය පවසන්නේ.

සිය නිවස පසුපස ඇති රඹුටන් ගසක එල්ලී මෙසේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිය ගිය සිසුවාගේ නිවැසියන් එක්ව සිසුවා රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වනවා.

ReeCha