බිරිඳ රට ගියැයි දුකට සැමියෙක් ගෙල වැළලාගෙන.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
සිරිසමන්පුර - කරඳන ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව කිරිඇල්ල පොලීසිය සඳහන් කළේ ය.
ඒ තම බිරිඳ විදෙස්ගත වූ ශෝකය දරා ගැනීමට නොහැකි හේතුවෙන් ය.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිස්හත් හැවිරිදි සිරිසමන්පුර කරඳන ප්‍රදේශයේම දෙදරු පියෙක් ය.
මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ අගහිඟතා තිබුණ ද බිරිඳ විදේශගත වීම දරා ගැනීමට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කිරිඇල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.
