සතුන් දඩයමට ඇට වූ උගුලකට අසු වී පුද්ගලයෙක් ජිවිතක්ෂයට.
නිවිතිගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී ඔහුගේ සහෝදරයා මියගොස් තිබෙනවා.
එම විදුලි රැහැන අදින ලද පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
මෙලෙස මියගොස් ඇත්තේ, රත්නපුර කලවාන නිවිතිගල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔවුන් දෙදෙනා එක්ව සතුන් දඩයම් කිරීම සඳහා කලක සිට අනවසර විදුලි රැහැන් ඇදීමේ නිරතව සිට තිබෙනවා.
අදාල පුද්ගලයා දින කිහිපයක් නිවසට නොපැමිණිම හේතුවෙන් ඔහු සෙවීම සඳහා ගිය වැඩිමහල් සහෝදරයාට, තමන් විසින් අදින ලද විදුලි රැහනක ගැටී තම බාල සහෝදරයා මියගොස් සිටින අයුරු දැක ඇත.
පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වල දී එහිදී විදුලි රැහැන් ඉවත් කළ බව ඔහු විසින් පිළිගෙන ඇති අතර ඒ් අනුව ඔහු අත්අඩංගුවට ගැණින.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයා 33 හැවිරිදි දෙදරු පියෙක් වන අතර, ඔහු නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයකයෙක් වේ.