කැපුම් තුවාල සහිතව සැක කටයුතු මරණයක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (14) බඩල්කුඹුර - මොණරාගල මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළදසැලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
මූලික විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයා පළතුරු වෙළදසැලේ හිමිකරු බවයි.
කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.