අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය යයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Oct 16, 2023 01:53 AM GMT
krishani

krishani

Report

කදාන - පොල්පිතිමූකලාන - ජයමාවත ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී මියගොස් තිබෙනවා.

ඒ අද (16) අලුයම සපුගස්කන්ද ප්‍රදේශයේ දී ය.

මෙලෙස මියගොස් ඇත්තේ ජෙයරාජ් නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් ය.

පසුගිය 5 වන දා මෙම මාලු ව්‍යාපාරිකයාගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී 43 හැවිරිදි මාළු ව්‍යාපාරිකයා, බිරිඳ හා දරු දෙදෙනා නිවසේ සිට ඇත.

නමුත් කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව නොමැත.

ReeCha