සැක කටයුතු අන්දමින් මිය ගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වෙයි.
Sri Lanka Police
Sri Lanka
Death
By krishani
අද(12) අළුයම බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ විසි එක්වන සැතපුම් කණුව හැවන්දාන, කිරිවැල්කැටිය මංසන්දිය ආසන්නයේ තිබී සැක කටයුතු අන්දමින් මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කන්දකැටිය බදුලු ඔය හැවන්දාන කිරිවැල්කැටිය පදිංචි දිසානායක මුදියන්සේලාගේ නන්දන කුමාර නැමැති අවුරුදු විසි හයක් වයසැති තරුණයෙක් ය.
අළුයම් කාලයේ මියගිය එම පුද්ගලයා මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න සහ මරණය සිදුව ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, අද මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කන්දකැටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
