ධාරානිපාත වර්ෂාව මෙහෙමත් අකාරුණික වෙලා ඇයි?. පුද්ගලයෙක්ට ගෙනා සංවේදී ඉරණම හද සසල කරයි.. වෙළෙඳසැල් 04ක කුත් සුණු වෙලා..
By krishani
පේරාදෙණිය නගරයේ නායයෑමක් සිදු වී තිබෙනවා.
ඒ මෙරට පවතින අධික වර්ෂාපතනය හමුවේ ය.
මෙම නායයෑමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙකු බව ගගන අප වාර්තාකරු සඳහන් කළේ ය.
ඔහුගේ සිරුර සෙවීමෙ කටයුතු පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව ඊයේ රාත්‍රියේම ආරම්භ කෙරිණ.
මෙම නායයෑම හේතුවෙන් වෙළඳසැල් 04කට දැඩි අලාභහානී සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ස්ථානය මීට පෙර ද නායයෑමක් සිදුවූ ස්ථානයක් බැවින් වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වන ලෙස දන්වා ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.