ඝාන්ඨාර කුළුණක ගෙල වැළලාගෙන පුද්ගලයෙක් මිය ගිහින් - විමර්ශනවල දී හෙළි වුණ දේ..
By krishani
ගලහිටියාව විහාරස්ථානයේ ඝාන්ඨාර කුළුණේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති පුද්ගලයෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයකු වන අතර ඔහු 58 හැවිරිදි ගලහිටියාගම පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මහවෙල පොලීසිය සඳහන් කළේ ය.
ඔහු වසර දහයකට අධික කාලයක් මානසික ආබාධයකින් පෙලී ඇති අතර එක්දරු පියකු බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධව ඉදිරි විමර්ශන මහවෙල පොලිසිය විසින් සිදු කරනු ලබයි.