හිස සහ අතක් නැති නරක් වූ මළ සිරුරක් - ගමන් මල්ලකින් හිස හමු වෙලා..
සැක කටයුතු ලෙස මියගිය කාන්තාවකගේ හිස සහ එක් අතක් නොමැති මළ සිරුරක් මතුරට ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
පසුව ගමන් මල්ලක තිබිය දී එම කාන්තාවගේ හිස කොටස ද හමු වී ඇත.
මව නිවසෙන් පිටව ගොස් යළි නිවසට නොපැමිණි බවට ඇයගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
පුත්‍රයා ගම්වාසීන් සමග සිදු කළ සෝදිසි මෙහෙයුමක දී අදාළ සිරුර සොයාගෙන ඇත.
එම අවස්ථාව වන විටත් එම සිරුර නරක් වී තිබී ඇති අතර එම සිරුරේ හිස කොටස සහ එක් අතක් තිබී නොමැත.
තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ පොලිසිය ගමන් මල්ලක තිබී හිස කොටස සහ ඒ ආසන්නයේ තිබී කාන්තාවගේ අත කොටස ද සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හේවාහැට ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් ය.