දිනේශ් ෂාෆ්ටර්ගේ ගේ මරණය ඝාතනයක්ද.. හැමෝම බලා සිටි අධිකරණ තීන්දුව මෙන්න....

Sri Lanka Sri Lanka Magistrate Court Death
By Sithumi Nov 01, 2023 08:58 AM GMT
Sithumi

Sithumi

Report

ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය මුහුණ සහ ගෙල මත සිදුවූ පීඩනයක් මත සිදුව ඇති බවට වෛද්‍ය වාර්තා මඟින් හෙළිදරව් වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග ලබා දී තිබෙනවා.

ඒ අනුව සිද්දියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී ඔප්පු වූ වාර්තාව, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද පංච පුද්ගල එම කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කළ බව වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධියෙන් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට නියෝග කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ReeCha